Sunday, December 27, 2015

කාලය මැවූ වෙනසක අරුමේ.......

සුවදවත් වූ මුඳු සුළඟ
නාස් පුඩු අඟ දැවටෙමින්
දඟ කරමින් කිති කවමින්
කිරි සුවද, සිනා කැන්
සිහි නඟමින් අඩ ගසාවි
සොඳුරු යටඟියාවකට,
එහෙත්,
කාලය රුදුරු වෙසින්
අවුරා මඟ ඟුඟරා හැළේවි
පිවිසෙන්නට වළකා මා....
යනු කෙළෙස????
ඔබ කළ ලැබැඳි ඇරයුමට
සොඳුරු සුළඟේ
ඉඳින්,
තනිව මා තැවෙමි..
සුවදවත් වූ මුඳු සුළඟ
නාස් පුඩු අඟ දැවටෙමින්
දඟ කරමින් කිති කවමින්
කිරි සුවද, සිනා කැන්
සිහි නඟමින් අඩ ගසාවි
සොඳුරු යටඟියාවකට,
එහෙත්,
කාලය රුදුරු වෙසින්
අවුරා මඟ ඟුඟරා හැළේවි
පිවිසෙන්නට වළකා මා....
යනු කෙළෙස????
ඔබ කළ ලැබැඳි ඇරයුමට
සොඳුරු සුළඟේ
ඉඳින්,
තනිව මා තැවෙමි..
දැවෙමි....

කාලය මැවූ වෙනසක අරුමේ.......

Saturday, June 20, 2015

ඉරණමේ ඔච්චමට
තක්කුමුක්කු වෙමින්
ගෙවමි දිවි ඔට්ටු අල්ලමින්
මිදෙන්නට
අවැසි නැති තැන.......

Saturday, June 13, 2015

දෛවයේ සරදම් නම් 


දෛවයේ සරදම් නම්
බොහෝම සමීපයි  දිවියට මගේ.
මා කුලප්පු කරවන සැහැසි කරවන
ඉඳුරන් මඟහරවා රැදෙන්නට වෑයම් දැරුවත්,
පසුපස හබා එයි ඔවුන් මා වෙත සැමදා .
කිනම් පවක සේයාවක් දැයි නොදනිමි මේ නම්??
කෙළෙසක ඉවත් වන්නෙම් දැයි
ඔවුනගෙන් මම්
නොදැනෙනා නොහැඟෙනා
පඹ ගාලකයි පැටලැවී ඇත්තේ මා
පිහිටක් නොලද මුත් කිසිවෙකුගේ
පතමි පිහිටක් යළි යළිත් සිතැත්තෙකුගෙන්
කෙළෙස් නිවනා මං කියා දුන්
මුනිරජවත් සිටියා නම්
අද දින මා ගලවා
නිවන් මඟ ගෙනියන්නට 

Saturday, May 30, 2015

Hardest Event ......


කුවේණිය, දෙබිඩ්ඩන්, සහ විලාපය



ඇත්තටම 
කුවේණිය ,
කුරිරු වුණාමදැයි
සැකයක් උපදී
ස්වකියම රුධිර කඳටම
මන්ද යත්,
 නොහැඟුණා ද?
මුලා වු වඟ
විජයගේ දෙබිඩි ප්‍රේමයට .........
යකින්නියක ලෙස
සිහළ යටගියාවේ
හංවඩු ගැසුණු
ගැහැණියගේ විලාපය
නොනිමෙන  දයා සිත,
නොවේම ද ... 
ගලේ ගසා මරා දැමීමට 
තීන්දු දී ගත්තේ 
මහලොකු 
දෙබිඩ්ඩන් ??????

ඉඳින් 
තීරණය කරවු,
ගලේ ගසා මරා දමාපියවු,
කුවේණියන් 
නොව,
දෙබිඩ්ඩන් .... .. .... !!!!!!

සකල වාසි කුවේණියන් වෙනුවෙන් මයි

Wednesday, January 21, 2015

බිංදු ....

ගිලිහුණා වැහි බිදිති
සිරකරගත් අදුරු වළා ඉරා දමමින්
වුවත් අනෝරා වැස්සකට අැරයුමක්

වැටුණා සිහින් පොද වැස්සක්
කවුළු පියන්පත් ඇතුරෙන් ....


පෙළ ගසන්නට නෙහැකි
වදන් වැකි
පෙරළිලා කඳුළු බිදුවලට,

ගලන විට ගඟුලක් ලෙසින්
කොපුල් තල අරා
දැනෙන 

අස්වැසුම 
අපමණයි සුව ... .... ..... !!!