Sunday, November 5, 2017

සිතුවිලි , සිතුවිලි හා සිතුවිලිය

සිතුවිලි

ඔහු .... ..
ලොකෙන්ම හොඳම පුතුය ..
කීකරු බවේ උල්පතකි ..
ඒ මාගේ පුතුය ... ..
පුතුගේ අවශ්‍යතා මා එක සිතින්ම සිදු කරමි.
ඔහුගෙන් පෙරළා සේවයක් නොපතමි.
එය මාගේ සංතෘශ්ටියයි ..

ඇය ....  ...
ලෝකෙන් ම හිතුවක්කාරියකය .. ..
කියන කිසිවක්ම නොඅසයි .
ආත්මාර්ථකාමීයකි..
දරදඩුය ...
පවුල් සංස්ථාවටම බරකි ..
අවාසනාවට ඇය මගේ දියණියයි ...
සියළුම ගැටළු වලට මුල ඇයම වනු ඇත .
එහෙයින් ඇයට හිමිවිය යුත්තේ ,
සෙකන්ඩ් හැන්ඩ්ය .

මේ මවකගේ සිතුවිලිය .... ..

ලොක්කා  .. . . ..
පවුලේ ලොක්කා වී අණසක පතුරවයි .
පවුල් සංස්ථාවටම ලොකු තැන මංමය .
සියල්ලක් කිරිමට පෙර මාගේ අවසරය ලැබිය යුතුමය .
පවුලෙු සියළු දේ මා සතුය .
අම්මාගේ ඇස් රවටා ගැනීම සුළුදෙයකි
එමඟින් මා තවත් ස්ථාවර වියයුතුය.
අම්මාගේ ප්‍රථම හා පරම සේවය
මා සතු වුවමනාය  ....

මං

පනින්ට පෙර සිතූ සේ
හිතු දෙයක් තීරණයට
පෙර හතරකොන සිහිකොට
අතරමං වු අවස්ථා නැත්තේ ද නැත.
හැකි කවර අවස්තාවේදි
යුතුකම් , වගකිම් සමඟ ගැටෙමි.
සියළු කැප කිරීම් ඔවුන් උදෙසාය ....
ඉවසීමේ සීමා කෙටි හෙයින්
සට සට ගා කේන්ති ගත්තද
මොහොතින් ස්ව දොෂාරෝපණය.
ඒවඟ දන්නේ එකකුය
ඒ සිතමය
මටත් කිසිත් නොතේරේ
සිත අනම්මනම්ම දොඩන හෙයින් ෴

Sunday, December 27, 2015

කාලය මැවූ වෙනසක අරුමේ.......

සුවදවත් වූ මුඳු සුළඟ
නාස් පුඩු අඟ දැවටෙමින්
දඟ කරමින් කිති කවමින්
කිරි සුවද, සිනා කැන්
සිහි නඟමින් අඩ ගසාවි
සොඳුරු යටඟියාවකට,
එහෙත්,
කාලය රුදුරු වෙසින්
අවුරා මඟ ඟුඟරා හැළේවි
පිවිසෙන්නට වළකා මා....
යනු කෙළෙස????
ඔබ කළ ලැබැඳි ඇරයුමට
සොඳුරු සුළඟේ
ඉඳින්,
තනිව මා තැවෙමි..
සුවදවත් වූ මුඳු සුළඟ
නාස් පුඩු අඟ දැවටෙමින්
දඟ කරමින් කිති කවමින්
කිරි සුවද, සිනා කැන්
සිහි නඟමින් අඩ ගසාවි
සොඳුරු යටඟියාවකට,
එහෙත්,
කාලය රුදුරු වෙසින්
අවුරා මඟ ඟුඟරා හැළේවි
පිවිසෙන්නට වළකා මා....
යනු කෙළෙස????
ඔබ කළ ලැබැඳි ඇරයුමට
සොඳුරු සුළඟේ
ඉඳින්,
තනිව මා තැවෙමි..
දැවෙමි....

කාලය මැවූ වෙනසක අරුමේ.......

Saturday, June 20, 2015

ඉරණමේ ඔච්චමට
තක්කුමුක්කු වෙමින්
ගෙවමි දිවි ඔට්ටු අල්ලමින්
මිදෙන්නට
අවැසි නැති තැන.......

Saturday, June 13, 2015

දෛවයේ සරදම් නම් 


දෛවයේ සරදම් නම්
බොහෝම සමීපයි  දිවියට මගේ.
මා කුලප්පු කරවන සැහැසි කරවන
ඉඳුරන් මඟහරවා රැදෙන්නට වෑයම් දැරුවත්,
පසුපස හබා එයි ඔවුන් මා වෙත සැමදා .
කිනම් පවක සේයාවක් දැයි නොදනිමි මේ නම්??
කෙළෙසක ඉවත් වන්නෙම් දැයි
ඔවුනගෙන් මම්
නොදැනෙනා නොහැඟෙනා
පඹ ගාලකයි පැටලැවී ඇත්තේ මා
පිහිටක් නොලද මුත් කිසිවෙකුගේ
පතමි පිහිටක් යළි යළිත් සිතැත්තෙකුගෙන්
කෙළෙස් නිවනා මං කියා දුන්
මුනිරජවත් සිටියා නම්
අද දින මා ගලවා
නිවන් මඟ ගෙනියන්නට 

Saturday, May 30, 2015

Hardest Event ......


කුවේණිය, දෙබිඩ්ඩන්, සහ විලාපය



ඇත්තටම 
කුවේණිය ,
කුරිරු වුණාමදැයි
සැකයක් උපදී
ස්වකියම රුධිර කඳටම
මන්ද යත්,
 නොහැඟුණා ද?
මුලා වු වඟ
විජයගේ දෙබිඩි ප්‍රේමයට .........
යකින්නියක ලෙස
සිහළ යටගියාවේ
හංවඩු ගැසුණු
ගැහැණියගේ විලාපය
නොනිමෙන  දයා සිත,
නොවේම ද ... 
ගලේ ගසා මරා දැමීමට 
තීන්දු දී ගත්තේ 
මහලොකු 
දෙබිඩ්ඩන් ??????

ඉඳින් 
තීරණය කරවු,
ගලේ ගසා මරා දමාපියවු,
කුවේණියන් 
නොව,
දෙබිඩ්ඩන් .... .. .... !!!!!!

සකල වාසි කුවේණියන් වෙනුවෙන් මයි